30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

ජනපති රනිල් රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමුවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (10) පැවසීය.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්, නිලධාරීන් සහ කොමිෂන් සභා ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හමුවීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නුවරඑළිය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.

රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි බව බොහෝ දෙනා සිතුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ රජය එක්ව ඇතිකරගත් ගිවිසුම හරහා රටේ ආර්ථිකය පිළිබඳ නව විශ්වාසයක් ඇතිකර ගැනීමට සියලුදෙනාට අවස්ථාව ලැබී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2025 රටේ සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්වවල සහභාගිත්වය ලබා ගැනීම තම අපේක්ෂාව බවද ජනාධිපතිවරයා පැවසීය.