― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරළ පහරට හසු වූ සාමණේර හිමිනමක් බේරාගැනේ

රළ පහරට හසු වූ සාමණේර හිමිනමක් බේරාගැනේ

මොරගල්ල මුහුදේ දියනෑමට ගොස් රළ පහරට හසුව ගසාගෙන යමින් සිටී සාමණේර නමක් බේරාගැනීමට කළුවාමෝදර සහ අලුත්ගම ජීවිත ආරක්ෂක තරුණයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක වයස අවුරුදු 12ක් පමණ වයසැති සාමණේර හිමිනමක් බව සදහන්.

උන් වහන්සේ තවත් සාමණේර කිහිපනමක් සමඟ මොරගල්ල මෝය ආසන්න මුහුදු වෙරළේ දියනාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය අලුත්ගම සහ කළුවාමෝදර ජල ක්‍රීඩා සංගමයකට සැලවීමත් සමගින් ජෙට් ස්කි යාත්‍රා දෙකක් උපයෝගී කරගෙන මොරගල්ල මෝය දක්වා ගමන් කර රළ පහරට හසුව සිටී හිමිනම බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

අළුත්ගම දියාකාවා සහ කළුවාමෝදර අරලිය ජල ක්‍රීඩා අංශයේ නිරෝෂන් ප්‍රනාන්දු, චින්තක සිල්වා සහ තුසිත උදයනාත් යන අයයි සාමනේර හිමිගේ ජීවිතය බේරාගෙන ඇත්තේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ නිරෝෂන් ප්‍රනාන්දු, “සිද්ධිය දැනගත් වහාම අපි ජෙට් ස්කි යාත්‍රා දෙකකින් මුහුද මැද පිහිටි ස්ථානයට ළාගවුනා. සාමනේර හිමි රළ පහරට හසුව ගල් පරයේ වැදි වැදී හිටියේ. අපි තුන් දෙනා උන් වහන්සේට ජෙට් ස්කි යාත්‍රාවට නංවාගෙන ගොඩට ගෙනාවා.” යනුවෙන් පැවසීය.