26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඑක්සත් ජාතීන්ගේ මහලේකම් හදිසියේම සෝමාලියාවට

එක්සත් ජාතීන්ගේ මහලේකම් හදිසියේම සෝමාලියාවට

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සෝමාලියාවේ Mogadishu අගනුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෝමාලියාවේ අන්තවාදයට එරෙහි සටනේදී එහි ජනතාව සමග එක්සත් ජාතීන්ගේ පවතින සහයෝගීතාවය පෙන්වීමට පුළුල් ලෙස අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මිලියන 8 ක පමණ ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇස්තමේන්තු කර ඇති අතර එම ජනගහණයෙන් සැලකිය යුතු කොටසක් කාලගුණයේ දැඩි බලපෑම් නිසා සාගතයෙන් පීඩා විඳින බව සඳහන් කර තිබේ.

මෙම සංචාරයේදී ඇන්ටෝනියෝ ගුටරෙස් සෝමාලියානු ජාතික නායකයින් හමුවීමට නියමිතය.

කෙසේනමුත් ඔහුගේ මෙම සංචාරයේ අරමුණ පිළිබඳ තොරතුරු පැහැදිලි නැත.