31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඑක්සත් ජාතීන්ගේ මහලේකම් හදිසියේම සෝමාලියාවට

එක්සත් ජාතීන්ගේ මහලේකම් හදිසියේම සෝමාලියාවට

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සෝමාලියාවේ Mogadishu අගනුවරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෝමාලියාවේ අන්තවාදයට එරෙහි සටනේදී එහි ජනතාව සමග එක්සත් ජාතීන්ගේ පවතින සහයෝගීතාවය පෙන්වීමට පුළුල් ලෙස අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මිලියන 8 ක පමණ ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇස්තමේන්තු කර ඇති අතර එම ජනගහණයෙන් සැලකිය යුතු කොටසක් කාලගුණයේ දැඩි බලපෑම් නිසා සාගතයෙන් පීඩා විඳින බව සඳහන් කර තිබේ.

මෙම සංචාරයේදී ඇන්ටෝනියෝ ගුටරෙස් සෝමාලියානු ජාතික නායකයින් හමුවීමට නියමිතය.

කෙසේනමුත් ඔහුගේ මෙම සංචාරයේ අරමුණ පිළිබඳ තොරතුරු පැහැදිලි නැත.