― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැල්ලවායේ කුණු කෑම විකුණූ 12කට නඩු

වැල්ලවායේ කුණු කෑම විකුණූ 12කට නඩු

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අපිරිසිදු ආහාර අලෙවි කරන වෙළඳසැල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා.

එහිදී අපිරිසිදු ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම,මිල සහ දින වෙනස් කර ආහාර අලෙවි කිරීම යන චෝදනා යටතේ වෙළදසැල් හිමියන් දොළොස් දෙනෙකුට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව අපිරිසිදු ආහාර අලෙවි කල වෙළදසැල් දොළහක තිබූ ආහාර විනාශ කිරීමට ද පියවර ගෙන ඇති අතර මෙම මෙහෙයුම සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි වී තිබෙනවා.