― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldදකුණු කොරියාවේ ලැව්ගිනි

දකුණු කොරියාවේ ලැව්ගිනි

දකුණු කොරියාවේ Gangwon පළාතේ Gangneung නගරයේ වනාන්තරයක ඊයේ (11) හදිසියේම ලැව් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ගොස් ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෙලිකොප්ටර් යානා 6ක් යොදවා ගින්න් මැඩ පැවැත්වීඅට කටයුතු කළද ගින්න තවමත් පාලනය කර නොමැති බවයි.

අවට ගම්මානවලට ගින්න පැතිරීම වැළැක්වීම සඳහා වළවල් කපා වැළැක්වීමේ පියවර ගනිමින් සිටී. මේ අතර ගලවා ගැනීමේ හමුදා විසින් එහි සිටි පුද්ගලයින් 300ක් පමණ බේරාගෙන ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති අතර මෙම ගින්නෙන් නිවාස 44ක් දැවී අළු වී ඇත.