28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ඉන්ධන සමාගම් මෙරට මෙහෙයුම් අරඹන දිනය මෙන්න

නව ඉන්ධන සමාගම් මෙරට මෙහෙයුම් අරඹන දිනය මෙන්න

ඉදිරි මාස දෙක ඇතුළත මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වීමෙනි.

ඔහු එහිදී පෙන්වාදුන්නේ අදාළ සමාගම් සමග ඉදිරි සති දෙක තුළ ගිවිසුම් ගතවීමට බලාපොරොත්තු වන බවයි. චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්ට්‍රෝලියම්, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්.එම්. පාක්ස් කියන ආයතන තුනට මෙරට තෙල් බෙදාහැරීමේ බලය මේ වන විට හිමිව තිබේ.