28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්ථානයෙන් මෙරට සිසුන්ට ශිෂ්‍යත්ව වැඩසටහනක්

පාකිස්ථානයෙන් මෙරට සිසුන්ට ශිෂ්‍යත්ව වැඩසටහනක්

පාකිස්ථානය ශ්‍රී ලාංකික සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ.

පාකිස්තානයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලාංකික සිසුන් සඳහා පූර්ණ සහ අර්ධ මූල්‍ය ආධාර ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව අල්ලාමා මුහම්මද් ඉක්බාල් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ පූර්ණ හා අර්ධ වශයෙන් අරමුදල් සපයන ශිෂ්‍යත්ව ප්‍රකාශයට පත් කර ඇත.

ඉහත යෝජනා ක්‍රමය යටතේ BS.MS සහ PhD මට්ටමින් සියලුම දෙපාර්තමේන්තු සඳහා ශිෂ්‍යත්වය ලබා ගත හැකි බව දන්වනු ලැබේ.

එබැවින් උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තම අයදුම්පත් HEC වෙබ් අඩවිය හරහා 25 වන දිනට ඉදිරිපත් කළ යුතු බව සඳහන් කර ඇත.