මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන් 40ක් පමණ ජලය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික ජලසම්පත් හා ජලාපවාහන මණ්ඩලය වාර්තා කරයි.
ජල සම්පත් මණ්ඩලයට වසර ගණනාවක් තිස්සේ රුපියල් ලක්ෂ විස්ස තිහ යනාදී වශයෙන් හිඟ බිල්පත් නොගෙවූ දේශපාලඥයන් කිහිප දෙනකුද මේ අතර සිටින බවත්
එම හිඟ මුදල් ඉදිරි සති කිහිපයේදී අයකර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති බවත් ජලාපවාහන මණ්ඩලය අවධාරණය කරයි.