― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportශ්‍රී ලංකාවට නැවතත් ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය

ශ්‍රී ලංකාවට නැවතත් ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා ආසියානු රග්බි පූර්ණ සාමාජිකත්වය නැවත වතාවක් හිමිවී තිබෙනවා.

ඒ, 2022 වසරේ අප්‍රේල් 01 වනදා නිකුත් කළ ගැසට් නිවේදනයක් අවලංගු කිරීම පිළිබඳව මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ තහවුරු කිරීම සැලකිල්ලට ගනිමින්.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් 2022 අප්‍රේල් 01 වැනි දින නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීම නිල වශයෙන් තහවුරු කරනු ලැබූ අතර ඒ අනුවයි ශ්‍රී ලංකාවට නැවතත් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය යළි හිමිවී ඇත්තේ.

2022 වසරේ අප්‍රේල් 9 වන දින තායිලන්තයේ ෆුකෙට් හි පැවති රැස්වීමේදී, ආසියානු රග්බි විධායක කමිටුව (EXCO) විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අනතුරුව 2022 වසරේ මැයි 1 වන දින EXCO ඒකමතිකව තීරණය අනුමත කර සම්පූර්ණ සාමාජිකත්වය අත්හිටුවීමක් පනවනු ලැබුවා.