රට තුළ උද්ධමනය ඉහළයාම නිසා අඩු ආදායම්ලාභි පවුල් තුළ දැඩි ආහාර ගැටලුවක් ඇතිවනු ඇතැයි, කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.
ඒ හේතුවෙන් එම පවුල්වල මන්දපෝෂණ තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් ද ඇතිවිය හැකි බව ඒ මහතා තවදුරටත් පවසා සිටියා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“පහළ ආදායම් ලබන ජන කොටස්වල මිලදී ගැනීමේ ශක්තිය ඉතා සිඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. මේ හරහා දුප්පත්කම මන්දපෝෂණය වැනි ගැටලු විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී නාගරික දුප්පත් ප්‍රජාව, ග්‍රාමිය දුප්පත් ප්‍රජාව හා විශේෂයෙන්ම වතු අංශයේ ජනතාව විශාල අර්බුදයකට මුහුණපානවා. ඔවුන් තමන්ගේ ආදයමෙන් 50%ක් වැනි ප්‍රමාණයක් මූලික වශයෙන් වියදම් කරන්නේ. එවැනි තත්ත්වයක් තුළදී මේ ආකාරයට ආහාර මිල ඉහළ යෑම එක්තරා ආකාරයට ඔවුන් ආහාර අඩුවෙන් පාරිභෝජනය කිරීමට සිදුවන තත්ත්වයක් තියෙනවා. එහෙම නැතිනම් ආහාර නොවන දේ සඳහා කරන වියදම් අධ්‍යපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය හා එනැනි අනෙකුත් දේවල් සඳහා කරනු ලබන වියදම් සීඝ්‍ර ලෙස කපා හැරීමකට ලක්වෙනවා. ඒ හරහා ඇතිවිය හැකි ඉතාමත් අහිතකර තත්ත්වයන් දිගුකාලිනව පැවතීමට ඉඩ තියෙනවා.”


