― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldසුඩානයේ ගැටුම්වලින් පුද්ගලයින් 25ක් ජීවිතක්ෂයට

සුඩානයේ ගැටුම්වලින් පුද්ගලයින් 25ක් ජීවිතක්ෂයට

සුඩාන හමුදා සහ පැරා මිලිටරි කණ්ඩායම් අතර ක්‍රියාත්මක ගැටුම් අතරතුර පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 180කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට කාර්ටූම් අගනුවර විවිධ පිරීම් ද වාර්තා වන අතර ජනාධිපති මන්දිරයට, හමුදා මූලස්ථානයට සහ රාජ්‍ය රූපවාහිනී ආයතනයට ද ප්‍රහාර එල්ල වී ඇත.

ගුවන්තොටුපොළේදී මගී ගුවන් යානයකට ද ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

සුඩාන නායක ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන්ට පක්ෂපාතී හමුදා ඒකක සහ සුඩානයේ නියෝජ්‍ය නායක මොහොමඩ් හම්දාන් දගලෝ පාර්ශ්වය අතර බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් එම ගැටුම් නිර්මාණය වී ඇත.

ආරක්ෂක බලධාරීන් එරට ජනතාවට දැනුම්දී ඇත්තේ නිවෙස් තුළම රැඳී සිටින ලෙසයි.