― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldරුසියානු ජනපති හා චීන ආරක්ෂක ඇමති අතර හමුවක්

රුසියානු ජනපති හා චීන ආරක්ෂක ඇමති අතර හමුවක්

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු අතර හමුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ලී ෂැංෆුගේ ප්‍රථම විදේශ සංචාරය වීම විශේෂත්වයකි.

මෙම හමුව පවත්වා ඇත්තේ රුසියාවේදී වන අතර එහිදී ආර්ථික, දේශපාලන සහ යුද සබදතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා වී තිබේ.

එහිදී චීන ආරක්ෂක අමාත්‍යවරයා රුසියානු ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ දෙරට අතර සබඳතාවලට සීමාවක් නොමැති බවත් යුද මෙන්ම තාක්ෂණික තොරතුරු හුවමාරු කරගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට ඉතාමත්ම කැමැත්තෙන් සිටින බවත්ය.