28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළ යයි

ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළ යයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (17) දිනයේදී අධික ලෙස ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් කිහිපයකත් මෙලෙස උෂ්ණත්වය උපරිම මට්ටමට ළඟා වී ඇති බවයි.

මේ කියන ඇඟට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට එළිමහනේ කටයුතු කිරීමේ දී අධික වෙහෙසකර කටයුතුවලින් වැළකී ඉන්නවා නම් හොඳයි. ඒ වගේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අද දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් දකුණු සහ ඌව පළාත්වලත් වයඹ සහ උතුරු මැද පළාත්වලත් සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන අතර සෙසු පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇතිවෙයි.