― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාවට අඛණ්ඩව චීනයේ සහාය

ශ්‍රී ලංකාවට අඛණ්ඩව චීනයේ සහාය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු අනෙකුත් සියළුම මිත්‍ර රටවලත්, ජාත්‍යන්තර සංවිධානවලත් උපදේශකත්වය, ආධාර සහ අනුග්‍රහය මේ අවස්ථාවේදී ලක් රජය විශේෂයෙන් අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඪෙන්ග් ඹොzඉන්ග් සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ අතිශය මිත්‍රශීලී රටක් ලෙස චීනය සෑම අවස්ථාවකදීම මෙරටට අවශ්‍ය සහයෝගය ලබාදීමට අඛණ්ඩව කටයුතු කරන බවයි එහිදී චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.