― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිරිඳගේ මරණයට සැක පිට සැමියා අත්අඩංගුවට

බිරිඳගේ මරණයට සැක පිට සැමියා අත්අඩංගුවට

ගෙළ සිරවීමෙන් මියගිය දෙදරු මවකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඊයේ (17) දින ඇයගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, ගමගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයක් බවයි වාර්තා වන්නේ. කළුතර, ගමගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නීලමුණි රමණී සිල්වා නැමැත්තිය පසුගිය 12 වනදා පස්වරුවේ නිවස තුළ වැටී මියගොස් සිට ඇති අතර, ඇයගේ මරණය සැකසහිත බව දැනුම් දී ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව සිදුකළ අධිකරණයට වෛද්‍ය නිළධාරීවරයා සිදුකළ මරණ පරීක්ෂණයේදී එය හුස්ම හිර කිරීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරු කරගෙන තිබෙනවා.

අනතුරුව මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලිසිය සැකපිට සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.