28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅතුරුදන් වූ වෙන්නප්පුවේ දරු තිදෙනා හමුවෙයි

අතුරුදන් වූ වෙන්නප්පුවේ දරු තිදෙනා හමුවෙයි

ආර්ථික අපහසුකම් නිසා බව පවසමින් නිවෙස්වලින් පලාගිය බාල වයස්කාර සිසුන් තිදෙනා අම්බලන්ගොඩ ප්‍රදේශයේ රැඳී සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 14 වැනිදා නිවෙස්වලින් පිටව ගිය මොවුන් යළි නොපැමිණි බවට ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබූ අතර එක් සිසුවෙකු පවුලේ ඥාතියෙකුට පවසා තිබුණේ පවුලේ අගහිඟකම් පවතින බවත් ඒ හේතුවෙන් තමන්ට රැකියාවක් කිරීමට අවශ්‍ය බවයි.

අනෙක් සිසුන් දෙදෙනා සංගීත ප්‍රසංගයක් නැරඹීමට යන බවට පවසමිනුයි නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ.