― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට නාගරීකරණය 45%ක් දක්වා ඉහළට

මෙරට නාගරීකරණය 45%ක් දක්වා ඉහළට

2012 -2022 යන වසර දහට ඇතුළත මෙරට නාගරීකරණය 45%ක් දක්වා වර්ධනය වී ඇති බව අනාවරණය වී තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදියි මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් අවසාන වරට සමීක්ෂණයක් සිදුව තිබෙන්නේ 2012 වසරේදී වන අතර එම සමීක්ෂණයට අනුව මෙරට නාගරීකරණය 18%ක්.

ජනගහණ ඝණත්වය, නිවාස, කිලෝමීටර 10ක් ඇතුළත පිහිටා ඇති සුපිරි වෙළඳසැල්, සුපිරි ඇඳුම් වෙළඳසැල්, ඉන්ධනහල්, බැංකු, පුද්ගලික පාසල් හා පුද්ගලික රෝහල්, කිසියම් ප්‍රදේශීය සභාවක ග්‍රාම නිළධාරී වසමක් තුළ පිහිටා ඇති තට්ටු නිවාස සංඛ්‍යාව, කුලී සහ බදු පදනම මත ලබාදී ඇති නිවාස, පළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක කෘෂිකර්ම අංශයේ නොවන රැකියා කරන පිරිස කොපමණද වැනි නිර්ණායක මත පදනම්ව කිසියම් ප්‍රදේශයක නාගරීකරණය මැන බලනු ලබනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක හෝමාගම හා කොලොන්නාව ප්‍රාදේශීය සභා දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවන්ද සීඝ්‍රයෙන් නාගරීකරණය වී ඇති බව මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.