ඉදිරියේ දී කිරිපිටිවල මිල ගණන් තවදුරටත් පහත දැමීමට මෙරට ප්‍රධාන කිරිපිටි අපනයන සමාගම් එකඟත්වය පළ කර ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පැවසීය.
එම සමාගම්වල නියෝජිතයින් සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවේදී එලෙස එකඟත්වය පළ කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් වෙළඳ අමාත්‍යාංශය වෙත ලැබීමට නියමිතව ඇති බවයි.