― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගුරු මාරුව ගැන ජනපතිට පැමිණිල්ලක්

ගුරු මාරුව ගැන ජනපතිට පැමිණිල්ලක්

ගුරු මාරු සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු ගුරු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කරන ලෙස කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් විසින් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති අතර මෙලෙස සිදුවන ගුරු මාරුවීම් කිසිදු පිළිගත හැකි නිර්ණායකයන්ට යටත්ව ක්‍රියාත්මක නොවන බවද විදුහල්පතිවරුන් දැනුම් දී ඇත.

ගුරු මාරු කිරීමේදී මේ වන විට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් වීම සහ අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් නොවීමත් යන කාරණය සලකා බැලිය යුතු බවයි විදුහල්පතිවරුන් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වන්නේ.