27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ හැම විනාශයටම හේතුව සිලෝන් ශ්‍රී ලංකාව වීමයි

මේ හැම විනාශයටම හේතුව සිලෝන් ශ්‍රී ලංකාව වීමයි

පසුගිය දශක කිහිපය තුළ රටක් වශයෙන් වූ සියලු විනාශයන්ට හේතුව මින් පෙර මෙරට හැඳින්වූ ‘සිලෝන්’ යන නාමය ‘ශ්‍රී ලංකාව’ ලෙස වෙනස් කිරීම බව ප්‍රකට විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥයෙකු වන අනුර සී. පෙරේරා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු කියා සිටියේ ‘ශ්‍රී’ යන අහිතකර වචනය විනාශයම කැඳවන්නක් බවත් ශ්‍රී ලංකාවේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහට පවා විනාශය අත් කර දුන්නේ එම නාමකරණය හේතුවෙන් බවයි.

රටේ වාහන අංක තහඩුවලට ‘ශ්‍රී’ අකුර එකතු කළ අතර පසුව සිංහල දෙමළ ජාතීන් අතර ගැටුමක් ඇති කළ බවත් එම ගැටුම්වලදී රටට විශාල ජීවිත හානි සහ දේපළ හානි සිදු වූ බවත් ඔහු එහිදී උදාහරණ දක්වමින් පැහැදිලි කළේය.

එමෙන්ම රටේ නමට පෙර ශ්‍රී යන වචනය භාවිතා කිරීමත්, නායකයින්, දේශපාලන පක්ෂ සහ රාජ්‍ය ආයතනවල නම් ‘ශ්‍රී’ යන්නෙන් සඳහන් කිරීමත් රට බංකොලොත් වීමට හේතු වූ බව ඔහු අවධාරණය කරන්නේ.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

ශ්‍රී ලංකාව ලෙස රට නම් කිරීමට පෙර අප රට හැඳින්වූයේ ලංකා, සිංහලේ, තම්බපන්නි, සෙරන්ඩිබ්, තැප්‍රොබේන්, සයිලාන්, සිලෝන්, හෙළදිව, දහම් දිවයින, හෝ ලක්බිම කියා හැඳින්වුවත් ‘ශ්‍රී’ යන වචනය භාවිතා කර නැහැ.”