27 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්

මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

අද දිනය තුළ අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඒ අනුවයි ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ නගරයේ ආරක්ෂාව තර කර ඇත්තේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

දැනට අනුයුක්ත කර ඇති පොලිස් කණ්ඩායම් යළි දැනුම්දෙන තුරු එම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යොදවා තිබේ.