ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57ක් ලෙසයි දැක්වෙන්නේ.
ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. චීනයේ ජනගහනය 1960 වසරෙන් පසුව ප්‍රථම වතාවට පසුගිය වසරේදී කොවිඩ් වසංගතය හේතුවෙන් අඩු වී තිබේ.