29.5 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමටගොඩ රුවන්ගේ වත්කම් රැසක් එළියට

දෙමටගොඩ රුවන්ගේ වත්කම් රැසක් එළියට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන ඒකකය විසින් සිදුකරන විමර්ශනයට අනුව, රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් වෙනත් පුද්ගලයින්ගේ නම්වලින් මිලදීගත් අධිසුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක් සහ තවත් සුඛෝපබෝගී නිවසක් පාවිච්චිය, විකිණීම හෝ පැවරීම තාවකාලිකව තහනම් කර තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ හත්වැනි මහලේ පිහිටි අදාළ නිවස දෙමටගොඩ රුවන්ගේ අනියම් බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති බව හා ප්‍රශ්න කිරීම්වලදී ඇයට රුපියල් දෙකෝටි 46 ලක්ෂ 50,000ක මුදල උපයාගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් සැක පළ කරන්නේ, දෙමටගොඩ රුවන් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් වලින් අදාළ නිවස ඇයගේ නමින් මිලදී ගෙන ඇති බව ය.තව ද, ඇය නමින් තවත් රුපියල් මිලියන 10කට අධික වටිනාකමින් යුත් තෙමහල් නිවසක් සහිත ඉඩමක් බණ්ඩාරගම බොලබොටුව ප්‍රදේශයෙන් මිලදී ගෙන තිබෙන බව ද හෙළි වී තිබෙනවා.

එයට මිලදී ගත් ආකාරය පිළිබඳව අදාළ කාන්තාවට පැවසීමට නොහැකිවීම හේතුවෙන් එය ද තාවකාලිකව තහනම් කර ඇත.