― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldසකර්බර්ග් තවත් සේවකයින් 10,000 දොට්ට දායි

සකර්බර්ග් තවත් සේවකයින් 10,000 දොට්ට දායි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය දරන මෙටා සමාගම නැවතත් සේවක කප්පාදුවක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් විසින් තම ව්‍යාපාරය තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් එම ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

නවතම සේවක කප්පාදුවෙන් එහි සේවය කරන තාක්ෂණික ඉංජිනේරුවන්ට සහ අනෙකුත් සේවකයින්ට බලපෑම් ඇති වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ යටතේ සේවකයින් 10,000ක් පමණ ඉවත් කිරීමට නියමිත බවයි.

මෙම ක්‍රියාවලිය මාස කිහිපයක් පුරාවට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.