26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ල බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් නිදහස්

බොරැල්ල බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් නිදහස්

පසුගිය ජනවාරි 11 දින බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත් බෝම්බයක් හමුවුනේ පසුගිය ජනවාරි 11 වෙනිදා ය.

එදින පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර දේවස්ථානය පිරිසිදු කටයුතු කරන සේවකයෙකු ද ඒ අතර වුණා.නමුත් ඒ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 3 දෙනෙකු මුදාහැර තිබෙනවා.

ඒ පිළිබඳ කාදිනල් හිමිපාණන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පවසා සිටියේ සිද්ධිය වු දිනයේ පස්වරු 3න් පසු සි.සි.ටි.වි. දර්ශන පමණක් පරික්ෂා කර තිබු පොලිස් පරීක්ෂණ විවේචනය කර තිබුණා.

ඊට පසුදින විෂයභාර අමාත්‍ය සරත් වීරසේකර මහතා කාදිනල් හිමියන්ට පිළිතුරු දෙමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්දයෙන් අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධි දාමයෙන් පසු කාදිනල් හිමිපාණන් විසින් සි.සි.ටි.වි දර්ශණ ඔස්සේ පෙන්වා දුන් දේවස්ථානයේ බෝම්බය තැබූ බවට සැකකෙරෙන පුද්ගලයාව ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී පසුගිය 16 වැනිදා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

අදාළ සැකකරු කඩවත අශෝකාරාම පාරේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී වෛද්‍යවරයකු විසින් බෝම්බය ලබා දුන් බවටත්, ඒ සඳහා රුපියල් 50000ක මුදලක් ලබාදුන් බවත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසිය පසුගිය 17 වැනිදා පිළියන්දල ප්‍රදේශයේ පදංචි විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත්තා.

අනතුරුව පොලිසිය පිළියන්දල – වටමාවතේ පිහිටි සැකකරුගේ තෙමහල් නිවසද පරීක්ෂා කර ආයුද කිහිපයක් සොයාගත් බව ද වාර්තා වෙනවා.

සැකකාර වෛද්‍යවරයා පිළියන්දල ප්‍රාදේශිය රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරීවරයා බවයි තහවුරු වී ඇත්තේ.

ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයා ගේ පෞද්ගලික බෙහෙත් ශාලාවේ ආරක්ෂක නිලධාරියා හැටියට කලකට ඉහතදී සේවය කරන ලද පුද්ගලයකුද බවටට හෙලි වී ඇතැයිද වාර්තා වනවා.