සඳහන් කළ ආකාරයට පසුගිය වසරේ දී මාරක රිය අනතුරු 2,377ක් වාර්තා වී තිබෙනවා.ඉන් මිය ගිය සංඛ්‍යාව 2,473 ක් වන අතර 5,474 දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
තව ද,ගතවූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ගාල්ල – බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් රජරට රැජිණ දුම්රියේ ගැටී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 4 ක්.
එමෙන්ම, කුරුණෑගල, අඹේපුස්ස මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ ඊයේ (01) පස්වරුවේ ලංගම බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදු වූ රිය අනතුරකින් හත් හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු මියගියා.
අනුරාධපුර – පුත්තල මාර්ගයේ පොතානේගම සහ පිළියන්දල – කොළමුන්න – බිම්බාරාම ප්‍රදේශවලදී සිදු වූ රිය අනතුරුවලින් මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු මිය ගියා.
ඇඹිලිපිටිය – සූරියකන්ද – 8 කණුව සහ උඩවලව – දෙමටගල ප්‍රදේශවල දී අනෙක් අනතුරු සිදුව තිබෙනවා.


