27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන සමාගමෙන් රිලවු ඉල්ලුවේ අභිජනන කටයුතුවලට - කෘෂිකර්ම ලේකම්

චීන සමාගමෙන් රිලවු ඉල්ලුවේ අභිජනන කටයුතුවලට – කෘෂිකර්ම ලේකම්

මෙරට රිලවුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඉල්ලා ඇත්තේ චීන සත්ව අභිජනන සමාගමකින් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම සමාගම මෙරටින් රිලවුන් ඉල්ලා ඇත්තේ අභිජනන කටයුතු සඳහා බවත් මෙය තවමත් ඉල්ලීම් මට්ටමේ පවතින්නක් බවත්ය.

ඒ සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගැනීමට පෙර ජනතාව පරිසරවේදීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු පාර්ශව කිහිපයක අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

රිලවුන් ඉල්ලා ඇති සමාගමේ නීත්‍යනුකූලභාවය, දෙරටේ වනජීවී නීති ඇතුළු කරුණු අධ්‍යයනය කෙරෙන අතර මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කර තිබේ.