― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldනීතිවිරෝධීව ඉන්දියානුවන් 149,000ක් ඇමරිකාවට සංක්‍රමණය වෙලා

නීතිවිරෝධීව ඉන්දියානුවන් 149,000ක් ඇමරිකාවට සංක්‍රමණය වෙලා

2019 සිට මෙම වසරේ මාර්තු මස දක්වා කාලය තුළ අවම වශයෙන් ඉන්දියානුවන් එක්ලක්ෂ 49,000 කට අධික පිරිසක් නීතිවිරෝධීව ඇමරිකාවට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොහෝවිට මෙම පිරිස බටහිර ගුජරාට ප්‍රාන්තයේ සිටි වැසියන් වන අතර ජාවාරම්කරුවන් විසින් එක් අයෙකුගෙන් යුරෝ 65,000 ක මුදලක් අයකර ඇති බවයි වාර්තා වන්නේ.

කැනඩාව හෝ මෙක්සිකෝව වෙත ව්‍යාජ වීසා බලපත්‍ර මගින් ගමන් කරන මෙම පිරිසට දේශසීමාව හරහා යෑමේදී මීටර 15 ක් පමණ තාප්ප සහ කටුකම්බි බාධක අතරින් යෑමට පුහුණු කඳවුරුද සංවිධාන කර තිබූ බවට අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

එමෙන්ම බර බෑග් රැගෙන දිව යාමටත්, ජලය සහ ආහාර ස්වල්පයකින් පමණක් ජීවත්වීමට හැකිවන අයුරින් පුහුණුවක්ද ලබාදී ඇති අතර දරුවන්ට දින ගණනක් කිරිපිටි පමණක් ලබාදීමටත් සංක්‍රමණය වීමට කාලය ගතවන්නේ නම් හෝ සතුරු තත්වයන්ට මුහුණදීමට සිදුවන දුෂ්කරතා සමඟ කටයුතු කිරීමටද ජාවාරම්කරුවන් පුහුණුවක් ලබාදී ඇති බවත් ඔවුන් පවසයි.