26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දීය විදේශ ඇමති හා ජගත් මහ ලේකම් අතර හමුවක්

ඉන්දීය විදේශ ඇමති හා ජගත් මහ ලේකම් අතර හමුවක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අතර හමුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම හමුව අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී සිදුව ඇති අතර එහිදී සුඩානයේ පවතින ගැටුම්කාරීත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි වාර්තා වානේ.

සුඩානය තුළ සිටින ඉන්දියානුවන් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ. ඊට අමතරව ජී 20 සභාපතිත්වය සහ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සාකච්ඡා කර ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ලතින් අමෙරිකානු රටවල් කිහිපයක සංචාරය කිරීමට නියමිත අතර අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණ තිබුණේ ඒ අතරතුරදීයි.