― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසිරිපා කරුණාවට ගිය කතක් අවසන් ගමන් යයි

සිරිපා කරුණාවට ගිය කතක් අවසන් ගමන් යයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් අද (21) අලුයම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වයස අවුරුදු 79ක කාන්තාවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මොණරාගල ප්‍රදේශයේ සිට පැමිණි වන්දනා නඩයක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් කරමින් සිටිය දී රතුඅම්බලම ප්‍රදේශයේ දී අදාළ කාන්තාව හදිසියේ අසනීප වී ඇති බවයි වාර්තා වුණේ.

රතුඅම්බලම ප්‍රදේශයේ සිට නල්ලතන්නිය දක්වා ගෙන විත් ප්‍රථිකාර සදහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. එලෙස රෝහල් ගතකළ කාන්තාව අලුයම 04.00ට පමණ මියගොස් ඇති බවයි නල්ලතන්නිය පොලීසිය සඳහන් කළේ.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂන සදහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත්කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.