― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldපුටින්ටත් වරදියි

පුටින්ටත් වරදියි

අත්වැරදීමක් හේතුවෙන් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් විසින් යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි තම රටට අයත් නගරයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර ඇත්තේ බෙල්ගොරොඩ් නගරයට ඊයේ රාත්‍රී කාලයේ එම බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බවයි.

එහිදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම ප්‍රහාරය හේතුවෙන් එම නගර මධ්‍යයේ මීටර් 20ක පමණ පළලින් යුතු ආවාටයක්ද නිර්මාණය වී තිබේ.

පුද්ගලයින් 370,000ක් පමණ වෙසෙන බෙල්ගොරොඩ් නගරය යුක්‍රේන දේශසිමාවේ සිට කිලෝමීටර් 40ක පමණ දුරකින් පිහිටා ඇති අතර යුක්‍රේනය වෙත යොමු කෙරෙන රුසියානු ප්‍රහාරක ජෙට් යානාවල ගමන් මාර්ගය එම නගරය ආශ්‍රිත ගුවන් කලාපය හරහා වැටී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.