පැරිසියේ සිනගෝගයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් වසර 42 කට පසු එම ප්‍රහාරය එල්ල කළ බවට කැනේඩියානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු චෝදනාවට ලක් විය.
මේ අතර පැරිසියේ අධිකරණයකින් ඔහු වරදකරු ලෙස නම් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
1980 ඔක්තෝම්බර් මස 03 වනදා එම බෝම්බය ඇට වූ මොහු මේ වන විට 69 හැවිරිදි වියේ පසු වන හසන් ඩයබ් බව විනිසුරුවරයා විවෘත උසාවියේ ප්‍රකාශ කළ අතර බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් 38 දෙනෙකු තුවාල ලැබීය.
චූදිත මහාචාර්යවරයා එම නඩු විභාගයට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබූ අතර විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.