32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමොරගහකන්දෙන් සෙබළෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මොරගහකන්දෙන් සෙබළෙකුගේ මළ සිරුරක් හමුවෙයි

ඊයේ රාත්‍රීයේ (23) මොරගහකන්ද ජලාශයෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් වූ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙක් බවයි.

දඹුල්ල කිරලගොල්ල යුද හමුදා කදවු‍රේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක එක් සෙබළෙකු නොමැති බව අනාවරණය වීමෙන් පසු සිදු කළ සෝදිසි මෙහෙයුමදීයි මෙම සෙබළාගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ.

ජලාශයේ බැම්මට මීටර 300 පහළින් ජලය ගලායන පාලම යට තිබියදී මළ සිරුර සොයාගෙන තිබේ.