26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය සේවයට හමුදා සෙබලුන් බඳවා ගැනීමේ සූදානමක් නැහැ

දුම්රිය සේවයට හමුදා සෙබලුන් බඳවා ගැනීමේ සූදානමක් නැහැ

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය සඳහා හමුදා නිලධාරින් දහසක් පමණ පුහුණු කර බඳවා ගැනීමේ සූදානමක් පවතින බව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ පුවත් සංසරණය වුණා.

කෙසේනමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් සාක්ෂ්‍ය සහිතව, හමුදාවේ නිල ප්‍රකාශයන්ද සමග මෙවැනි පුවතක් වාර්තා කර ඇතිද සම්බන්ධයෙන් විමසා බැලීමේදී අනාවරණය වූයේ එම පුවත සාවද්‍ය එකක් බවයි.

තවද ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙම පුවත සත්‍ය නොවන බව සහ මෙවැන්නක් සදහා රජයේ කිසිදු සූදානමක් නොමැති බවත්ය.