― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමාලු මිලදී ගනිමින් සිටි යුවළකට අත් වූ අවාසනාවන්ත ඉරණම

මාලු මිලදී ගනිමින් සිටි යුවළකට අත් වූ අවාසනාවන්ත ඉරණම

මාළු මිලදී ගනිමින් සිටි තරුණ යුවළක් ලොරි රථයකට යට වී ඇති අතට්‍ර ඒ අතරින් තරුණිය මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

තරුණිය සමඟ සිටි ඇයගේ පෙම්වතා ද බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ (23) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉමාෂා කරුණාතිලක නැමති 23 හැවිරිදි තරුණියක්.

මොවුන් දෙදෙනා ඊයේ (23) රාත්‍රියේ කළුතර සිට මතුගම දෙසට යතුරුපැදියකින් යමින් සිටිය දී ගල්අස්හේන හංදියෙන් නවතා මාළු මිලදී ගනිමින් සිට තිබෙනවා. එම අවස්ථාවේ දී කළුතර දෙස සිට මතුගම දෙසට පැමිණි ලොරි රථයක් ඔවුන්ගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බරපතළ තුවාල ලබා සිටි දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී තරුණිය මියගොස් තිබෙනවා. බරපතළ තත්ත්වයේ සිටින තරුණයා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම තරුණ යුවළ මෑතකදී විවාහවීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.