― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම රැකියා අවස්ථා පවතින්නේ දකුණු කොරියාවට බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ මේ වසර සඳහා ශ්‍රී ලංකාවට දකුණු කොරියාවෙන් රැකියා පුරප්පාඩු වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින් 6,500කට රැකියා ලබා දී ඇති බවත් ඒ අනුව සතියකට ශ්‍රී ලාංකිකයන් 200ක් රැකියා සඳහා යොමු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

දකුණු කොරියාවේ ධීවර කර්මාන්තයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින් 109 දෙනෙකු ඊයේ (23) පිටත්ව ගියේය. එමෙන්ම හෙට දිනයේ තවත් ශ්‍රී ලාංකිකයින් 65 දෙනෙකු පිටත්ව යන බවත් ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු අනිද්දා පිටත්ව යන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.