― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවියළි කාලගුණයෙන් ජල, විදුලි සැපයුමට බාධා විය හැකියි

වියළි කාලගුණයෙන් ජල, විදුලි සැපයුමට බාධා විය හැකියි

රට තුළ පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් පානීය ජල සැපයුම අඩාල වීමේ අවදානමක් පවතින බවයි එම මණ්ඩලය පවසන්නේ.

මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඊයේ (23) දිනයේ දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් 45 දක්වා ඉහළ ගොස් ඇති අතර සවස හත වන විට උපරිම වශයෙන් මෙගාවොට් 2,097ක විදුලිය ජනනය කළ බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දම්මික එන්. නවරත්න පවසා සිටියේ.