― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldජර්මනියේ ගුවන්තොටුපොළ 02ක හදිසි වැඩ වර්ජනයක්

ජර්මනියේ ගුවන්තොටුපොළ 02ක හදිසි වැඩ වර්ජනයක්

ජර්මනියේ ප්‍රධාන ගුවන්තොටුපොළ දෙකක සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් එහි ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආරක්ෂක සේවකයින් සහ ගොඩබෑමේ කටයුතු හා සම්බන්ධ සේවකයින් වැටුප් වැඩිකරන ලෙසට ඉල්ලා එක්දින වර්ජනයක් කැඳවා ඇති අතර ඒ හේතුවෙන් බර්ලින් සහ හැම්බර්ග් ගුවන්තොටුපොළවල කටයුතු නැවතී ඇති බවයි.

මේ වනවිට බර්ලින් බ්‍රෑන්ඩන්බර්ග් ගුවන්තොටුපොළේ සියලු පිටත්වීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර ගුවන්යානා ගොඩබෑමට ද බාධා එල්ල විය හැකි බවටි එහි සේවකයින් පවසන්නේ.