― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාහන සොරකම් කර මත්පැන් බිවූ කල්ලියක් අත්අඩංගුවට

වාහන සොරකම් කර මත්පැන් බිවූ කල්ලියක් අත්අඩංගුවට

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරාගෙන, උකස්කර මත්ද්‍රව්‍ය පානයේ යෙදුණු කල්ලි දෙකක සාමාජිකයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.

එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු අනුව එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා ත්‍රී රෝද රථ දෙකක් සහ යතුරු පැදි හතරක් හා ත්‍රීරෝද රථ එන්ජිමක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොට්ටාව පිංහේන ප්‍රදේශයේදී ඉදිරිපස අංක තහඩුවක් නොමැති යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂා කිරීමේදී එක් පුද්ගලයෙකු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් තිබී හමුවීමෙන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව කොට්ටාව පැලැන්වත්ත හා මත්තෙගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී පිළියන්දල, කොට්ටාව, බොරලැස්ගමුව හා මත්තේගොඩ ප්‍රදේශ වල මහ මඟ නතර කර තිබූ යතුරු පැදි හතරක් සහ ත්‍රීරෝද රථ දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ බව පොලිස් නිලධාරියකු පැවසුවා.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර අනාවරණය වූ තොරතුරු අනුව සොරා ගත් එම ත්‍රී රෝද රථ සහ යතුරුපැදි කහතුඩුව සහ කෝරලඉම ප්‍රදේශවල අඩු මුදලට උකස් කර තිබියදී සොයා ගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව වැඩිදුරටත් කළ විමර්ශනවලදී තහවුරැ වී තිබෙන බව සදහන්. සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිළියන්දල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.