― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldසුමාත්‍රා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා.

අද (25) අලුයම 3.00ට පමණ ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර බටහිර සුමාත්‍රාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.