ලොව ප්‍රමුඛතම ක්‍රිප්ටෝකරන්සි (crypto currency) හෙවත් අතථ්‍ය මුදල් ඒකකය වන බිට්කොයින් (Bitcoin) එකක වටිනාකම 2024 වසර අවසාන වනවිට ඩොලර් 100,000 සීමාව දක්වා ළඟා විය හැකි බව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් (Standard Chartered) (STAN.L) පවසයි.
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ඊයේ (24)කියා සිටියේ ‘crypto winter’ හෙවත් අතථ්‍ය මුදල් සඳහා පැවති ශීත කාලය අවසන් වී ඇති බවයි.
අද වන විට බිට්කොයින් එකක මිල එක්සත් ජනපද ඩොලර් 27,000 ක් පමණ වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 9ක් හෙවත් ලක්ෂ 90කට ආසන්න අගයකි.