27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩ ලක්ෂය දොරට වඩී

වැඩ ලක්ෂය දොරට වඩී

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) සිට දිවයින පුරා දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ආර්ථික අභියෝග ජය ගැනීමේ අරමුණින් නිෂ්පාදනය වැඩි කර ආදායම් ඉහළ නැංවීම මෙම සංවර්ධන වැඩසටහනේ අරමුණ වෙන තර සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් ලබාදීමට නියමිතයි.

අදාළ වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවන් අදහසකි.

“එක අවුරුද්දක කාලයක් තුළ කරන වැඩක්. ප්‍රධානම බලාපොරොත්තුව ජනතා සහභාගීත්වය. ජනතාව විසින් තෝරා ගන්නා ප්‍රදේශයේ, සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කිරීම තමයි මේකේ අදහස. රජය සපයන්නේ අරමුදල් පමණයි. මෙය සම්පූර්ණයෙන්ම ජනතාවට භාරදීලා තියෙන්නේ. ඔවුන් විසින් යෝජනාව ඉදිරිපත් කරනවා. දිස්ත්‍රික්ක 25ට වෙනම මුදල් වෙන් කළා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරු තමයි මුල්‍ය බලධාරියා වෙන්නේ. ඒ නිසා මේක වචනයේ පරිසමාප්තියෙන්ම විමධ්‍යගත කරලා තියෙන්නේ මුදලින් කිව්වොත් බිලියන 85ක් ඍජුව ගම සමග පිළිසඳර සඳහා අයවැයෙන් වෙන්කරලා තියෙනවා.”