― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරට ඉඳන් ආපු අයට සුබ ආරංචියක්

රට ඉඳන් ආපු අයට සුබ ආරංචියක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයින්ට නැවත ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අඩු සහන පොලියට ණයක් ලබාදීමට තීරණය කර ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (25) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා. විදෙස් ගත ශ්‍රමිකයින්ට මිලියන 2ක් දක්වා අඩු පොලියට ණයක් ගන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය බිලියන 5ක යොමු කරලා. කැබිනට් මණ්ඩලය යෝජනා කළා ඒ ලබාදෙන මුදලට අමතරව රුපියල් මිලියන 2ක ණය මුදලට අමතරව, ඒක ලබාදෙන්නේ රට ඉන්න අයට. දැනට ඇවිල්ලා ඉන්න අයටත් ඒ අයගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න, නැවත ව්‍යවසායකයෙක් බවට පත්කරන්න මේ ණය ක්‍රමය තවදුරටත් පුළුල් කරන්න කියලා ජනාධිපතිවරයා අපට උපදෙස් දුන්නා.