26.7 C
Colombo
Wednesday, November 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව ව්‍යවස්ථාවක අවශ්‍යතාව දැඩිව තිබෙනවා

නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව දැඩිව තිබෙනවා

ලබන වසරේදී පළාත් සභා මැතිවරණයක් හෝ පළාත් පාලන මැතිවරණයක් අනිවාර්යෙන් තිබිය යුතු බවත් රට තුළ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව දැඩිව තිබෙන බවත් වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

“කොහොමත් ලබන අවුරුද්ද වෙනකොට පළාත් සභා මැතිවරණයක් හෝ පළාත් පාලන මැතිවරණයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඔව් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මේ රටේ තියෙනවා. බොහොම පැහැදිලිව අපි මැතිවරණ කාලසීමාවෙදිත් කිව්වා. ජයම්පති වික්‍රමරත්නව තියාගෙන පාර්ලිමේන්තුව ඇතුළේ ව්‍යවස්ථාවක් වෙනස් කරන්න ඕන කියල අවුරුදු පහක් පොල් ගෑවා. එදා තිබුණු ව්‍යවස්ථාවට වඩා රට එන්න එන්න වෙනස් වෙනවා. ඒකට ගැලපෙන විදිහට සියලුම ජාතින් සියලුම ආගම් සියලුම දෙනාට එකසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගන ව්‍යවස්ථාවක් මේ රටේ නිර්මාණය විය යුතුයි.”