― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාව පුනරුදයේ මාවතකට අවතීර්ණ වෙලා – ජනපති

ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතකට අවතීර්ණ වෙලා – ජනපති

ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතකට අවතීර්ණ වී ඇති බවත් සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් හිමි වීම සහ ආයෝජකයින්ගේ ආකර්ෂණයද මේ වනවිට හිමිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වන විට පැවැත්වෙන IMF පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි සිව් වසර තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අමෙරිකානු ඩොලර් බිලියන 3 ක් සහ සෙසු පාර්ශ්වයන්ගෙන් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක්‌ ලබා ගැනීමට හැකියාව හිමිවන බවයි.

එමෙන්ම විදේශ බැංකු සහ මුල්‍ය ආයතනවල විශ්වාසීභාවය තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණු අතර ආර්ථික ස්ථාවරත්වය කරා රට ගමන් කරමින් සිටින බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.