― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකංසා ජාවාරම් කළ ශ්‍රී ලාංකිකයෙකුට සිංගප්පූරුවේදී මරණ දණ්ඩනය

කංසා ජාවාරම් කළ ශ්‍රී ලාංකිකයෙකුට සිංගප්පූරුවේදී මරණ දණ්ඩනය

කංසා ප්‍රවාහනය කිරීමට කුමන්ත්‍රණය කළ පුද්ගලයෙකුට සිංගප්පූරුවේදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ පවුලේ සාමාජිකයින්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔහුට ක්ෂමාව දෙන ලෙස කළ ඉල්ලීම් නොතකායි මෙම මරණ දණ්ඩනය නියම කර ඇත්තේ.

අද (26) අලුයම චංගි බන්ධනාගාරයේදී 46 හැවිරිදි තංගරාජු සුප්පයියා එල්ලා මරා දැමූ බවයි ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ. දුර්වල සාක්ෂි මත ඔහු වරදකරු බවට පත් කර ඇති අතර අදාළ නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් නීතිමය ප්‍රවේශය සීමා කර තිබූ බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසයි.

මත්ද්‍රව්‍යවලට එරෙහිව ලෝකයේ පවතින වඩාත් දැඩි නීති රැසක් සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන අතර ඔවුන් තර්ක කරන්නේ මත්ද්‍රව්‍ය අපරාධ වැළැක්වීම සදහා ඒවා අවශ්‍ය බවයි.

පසුගිය වසරේදී සිංගප්පූරුව මත්ද්‍රව්‍ය චෝදනා මත පුද්ගලයින් 11 දෙනෙකු එල්ලා මරා දැමූ අතර ඒ අතර හෙරොයින් ප්‍රවාහනය කළ බවට චෝදනා ලැබූ බුද්ධි සංකූලතා සහිත පුද්ගලයෙක් ද විය.