31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරුන් බඳවා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ

ගුරුවරුන් බඳවා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ

ඉදිරි වසර 10 ඇතුළත සියලුම පාසල්වල ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමටත්, ගුරුවරුන් බඳවා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමටත් පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර රාහුල විද්‍යාලයට වසර සියයක් පිරීම නිමිත්තෙන් ඊයේ (25) පැවති උත්සවය අමතමිනි.

භූගෝල විද්‍යාව, ඉතිහාසය වැනි විෂයයන් සියල්ලන්ම අවබෝධ කර ගත යුතු බවත් උසස් පෙළ විෂයයන් උගන්වන සියලුම පාසල් අන්තර්ජාලයට සම්බන්ධ කරන බවත් ඉන් අනතුරුව සාමාන්‍ය අධ්‍යාපන මට්ටම දක්වා සියලුම පාසල් අන්තර්ජාලයට සම්බන්ධ කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.