― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට නඩු පවරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට නඩු පවරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩු පැවරූ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපති සංජය රාජරත්නම් පැවසුවේ සිංගප්පූරුවේ නීතිඥ සමාගමක් විසින් එම නඩුව පැවරූ බවත් අදාළ වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට දැනුම්දීමට නියමිත බවත්ය.

ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් කැඳවා ඇති බවයි ඔහු කියා සිටියේ.

2021 මැයි 20 වැනිදා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරට සාගර පද්ධතියට සිදු වූ හානිය ලොව විශාලතම සාගර විනාශ ලෙසයි සැලකෙන්නේ. මෙම ගින්නෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සාගර ජීවීන් ලක්ෂ ගණනකට ජීවිත අහිමි විය.