― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවූ කමාන්ඩෝ අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවූ කමාන්ඩෝ අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි නාවික හමුදාවේ විශ්‍රාමික කොමාන්ඩෝවරයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

සැකකරු සමඟ පොලිස් භාරයට ගත් සුඛෝපභෝගී මෝටර් රථයේ චැසි හා එන්ජින් අංක මකා වෙනස් කර තිබූ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලික ආරක්ෂක සේවාවක ඉහළ නිලයක් දරන පුද්ගලයකු ව්‍යාජ අංක තහඩු සවි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කරන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් සැකකරු මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර විශ්‍රාමික කොමාන්ඩොවරයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලික ආරක්ෂක සේවාවක හිමිකරුවකු වන නාවික හමුදාවේ විශ්‍රාමික කමාන්ඩෝවරයකුට අයත් මෙම වාහනය මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කරන තමන්ට රාජකාරි කටයුතු වලට පරිහරණය කිරීම සඳහා ලබාදුන් බවට ප්‍රකාශ ලබා දුන් බව වැටලීම සිදුකළ පොලිස් නිළධාරියෙකු පැවසුවා.

පොලිස් භාරයට ගත් සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී එහි සවිකර තිබෙන ලියාපදිංචි අංකය අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුට හිමි සුඛෝපභෝගී වූ මෝටර් රථයකට මොටර් රථ දෙපාර්තමේන්තුවේන් ලබාදී ඇති ලියාපදිංචි ලද අංකයක් බවට අනාවරණය වූ බව පොලිසිය සදහන් කරනවා.

සැකකරු පදවා ගෙන යමින් සිටියදී පොලිස් භාරයට ගත් සුඛෝපභෝගී මෝටර් රථය සොරාගත් එකක්ද? කොටස් එකලස් කර සකස් කරන ලද එකක්ද? යන්න සොයා බැලීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බව පොලීසිය පැවසුවා.

පන්නිපිටිය හිරිපිටියේ පදිංචි 47 හැවිරිදි සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.