― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeArtහැරී පොටර් පිය පදවියට

හැරී පොටර් පිය පදවියට

අප කවුරුත් අදටත් ආදරේ කරන හැරී පොටර් චරිතය හරහා අතිශය ජනප්‍රිය වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් පිය පදවියට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩැනියෙල් 2001 වසරේදී හැරී පොටර් කතාමාලාවේ ප්‍රධාන චරිතය රඟපාමින් රංගන දිවිය ආරම්භ කළේය.

ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ගේ බිරිඳ වන හොලිවුඩ් නිළි එරින් ඩාර්ක් සිය කුළුඳුල් දරුවාට උපත ලබා දී තිබේ. ඩැනියෙල් මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ බිරිඳ වන එරින් 38 හැවිරිදි වියේ පසුවෙයි.

ඔවුන් දෙදෙනා 2013 වසරේදී ‘Kill Your Darlings’ චිත්‍රපටයේ රංගනය අතරතුර හඳුනාගෙන ආදර සබඳතාව අරඹා තිබේ.

J. K. Rowling විසින් රචිත හැරි පොටර් කතා මාලාවේ චිත්‍රපට 8කට ඔහු මේ වනවිට රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.